නිදහස් අධ්යාපනය – නිදහස් සෞඛ්යය ඇතුළු පොදු ජන අයිතීන් අහිමි කිරීමට එරෙහිව පෙළ ගැසෙමු! යන තේමා පාඨයෙන් අද (05) පස්වරුවේ ආරම්භ කිරීමට නියමිත විශ්වවිද්යාල සිසුන්ගේ එක්සත් විරෝධය සඳහා සහභාගී වීම සඳහා පේරාදෙණියේ සිට සිසුන් පැමිණෙමින් සිටි බස් රථ කොළඹට පැමිණෙන අතරමග ස්ථාන 03කදී විවිධ කරුණු සඳහන් කරමින් පොලිසිය යොදවා නතර කර ඇතැයි වාර්තා වේ.
පොලිස් සුනඛයන්ද යොදවා සියලුම බස්රථ පරීක්ෂාවට ලක් කර ඇති අතර මාවනැල්ල, කෑගල්ල සහ පස්යාල යන ස්ථානවලදී මෙලෙස පොලිසිය යොදවා පරීක්ෂා කිරීම්වලට ලක් කර ඇත.













