කාර්යාල උපකරන වැඩ නැතුව සේවකයෝ වැඩ වරති

ජාතික මැණික් හා ස්වර්ණාභරණ ආයතනයේ අපණයන අංශය අද දවසේ වැඩ නැවැත්වීමේ වෘත්තීය ක්‍රියා මාර්ගයක නිරතවූ බව වාර්තාවේ.

අප කළ විමසීමකදී එහි සේවකයෙකු පැවසූවේ කාර්යාලීය උපකරණ නිසිපරිදි නඩත්තු නොකිරීම නිසා සේවකයන් තම කටයුතු කිරීමේදී බරපතල අර්බුද ගණනාවකට දින ගණනාවක සිට මුහුණපාමින් සිටින බැවින් මෙලෙස වැඩ නොකර සිටීමට තීරණය කළ බවයි.

ප්‍රධානපෙලේ මැණික් ව්‍යාපාරකයන් විශාල පිරිසක් අද දිනයේ ගනුදෙනු කටයුතු සඳහා පැමිණ ඇති බවත් ඔවුන්ට ආපසු හැරී යාමට සිදුවී ඇතිබවත් පැවසේ. මෙම ක්‍රියාමාර්ගය නිසා අඩුම වශයෙන් ලක්ස 30ක පමණ පාඩුවක් සිදුව ඇතැයි ද වාර්තාවේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්