කලවාන මීපාගම පාසල් ශිෂ්යාවක ක්ලාන්ත වී ඇද වැටීමෙන් පසු රෝහලට ඇතුලත් කරන විටත් අද (06) පෙරවරුවේ මියගොස් සිටි බව වාර්තා වේ.
අටවෙනි ශ්රේණියේ ඉගෙනුම ලබන 13 වියැති ඉමල්කා සත්සරණී දියණිය මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත.
මේ වනවිට ආර්ථික අර්බුදය හමුවේ පාසල් දරු දැරියන් නිරාහාරව පාසල් යෑම නිසා ක්ලාන්ත වී ඇද වැටීම සාමාන්ය තත්වයක් වී තිබේ. එහෙත් මෙසේ ඇද වැටීමෙන් මීයයාම ඉතාම ඛේදනීය තත්වයක් වන අතර පාසල් සිසුන්ගේ දිවා ආහාරය වෙනුවෙන් මෙතෙක් දිනකට ලබා දුන් රුපියල් 85.00ක මුදල රුපියල් 110.00 දක්වා ඉහළ දමා ඇති බව ආණ්ඩුව ප්රචාරය කරමින් සිටී.










