කළුතර දිස්ත්රික්කය සඳහා සයිනොෆාම් කොවිඩ් එන්නත් මාත්රා ලක්ෂ 3ක් ලැබුණේ තමන් ජනාධිපතිවරයාගෙන් කරන ලද ඉල්ලීමක් අනුව බව වරාය හා නාවික කටයුතු අමාත්ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.
පසුගියදා මෙරටට ලැබුණු සයිනොෆාම් කොවිඩ් එන්නත් තොගයෙන් මෙම එන්නත් ලක්ෂ තුන ලබා දුන්නේ බවත් මේ වනවිට කළුතර දිස්ත්රීක්කයේ වයස අවුරුදු 30ට වැඩි පුද්ගලයින්ගෙන් 53%කට පමණ එන්නත් ලබා දී ඇති බවත් ඇමතිවරයා පවසයි.
ඇමතිවරයාගේ නිල සමාජ මාධ්ය ගිණුමේ මේ පිළිබඳව පසුගිය 10 වැනි දින ඇමතිවරයා සටහනක් තබා ඇති අතර එහි වැඩිදුරටත් පවසා ඇත්තේ සති දෙකක් ඇතුළත මෙම එන්නත් ලබා දීමට කටයුතු කරන බවයි.
ඇමතිවරයා නිල සමාජ මාධ්ය ගිණුමේ තැබූ සටහන පහතින්….











