කළුතර දකුණ පොලිස් බලප්රදේශයට අයත් කටුකුරුන්ද වෙරළ තීරයට අද (05) උදෑසන පාර්සලයක් ගොඩගසා තිබී ඇති අතර එහි ඇත්තේ මත්ද්රව්ය බවට සැකයක් මතුව ඇත.
කිලෝ 10ක පමණ බරැති පාර්සලයක් මෙලෙස වෙරළට ගොඩගසා තිබියදී ඒ අසළ සංචාරක හෝටලයක සේවකයින් දැක ඒ පිළිබඳව ආරක්ෂක අංශ දැනුවත් කර තිබේ.
පසුව පොලිස් විශේෂ කාර්ය බළකාය පැමිණ එම පාර්සලය ඉදිරි විමර්ශන කටයුතු සඳහා රැගෙනගොස් ඇත.
මෙම පාර්සයේ අඩංගු ද්රව්ය ගැන පරීක්ෂණයක් සිදු කිරීමට නියමිතය.
එමෙන්ම මෙම පාර්සලය මුහුදේ පාවී ආවේද නැතිනම් කිසියම් පුද්ගලයෙකු පැමිණ මෙම ස්ථානයේ දමා ගොස් තිබේද යන්න පිළිබඳව කළුතර කටුකුරුන්ද පොලිස් විශේෂ කාර්ය බළකාය සහ කළුතර දකුණ පොලිසිය විමර්ශන සිදුකරයි.










