ෙවස් පිංකම්වල අවසාන පොහොය වන පසු වස් පවාරණය සිදු කරන පොහොය දිනය මෙන් ම කඨින චීවර පූජාව කළ හැකි අවසාන පොහො දිනය වන ඉල් පුර පසළොස්වක පොහොය දිනය අදට (05) යෙදී තිබේ.
ඉල් පුර පසළොස්වක පොහොය ශාසනික වශයෙන් මෙරටට ඉතා වැදගත් පොහොය දිනයකි.
මෛත්රී බෝධිසත්වයන් වහන්සේ විවරණ ලැබීම ඇතුළු බෞද්ධ ඉතිහාසයේ වැදගත් කරුණු රැසක් අද වැනි පොහොය දිනක සිදු වී තිබෙන බව ශාසන ඉතිහාසයේ දැක්වේ.
ප්රථම ධර්ම දූත මෙහෙවර ලෙස 60 නමක් වහන්සේලා ධර්ම ප්රචාරණයේ යෙදවීම, තුන් බෑ ජටිලයන් දමනය කිරීම සඳහා බුදුරජාණන් වහන්සේ උරුවෙල් දනව්වට වැඩම කරවීම අද වැනි පොහොය දිනක සිදු වී තිබේ.
බුදුරජාණන් වහන්සේගේ අගසව් සැරියුත් මහා රහතන් වහන්සේ පිරිනිවන් පෑමද සිදු වී ඇත්තේ අද වැනි ඉල් පුර පසළොස්වක පොහොය දිනක බව සඳහන් වේ.
ඉල් පුර පසළොස්වක පොහොය දිනය නිමිත්තෙන් බෞද්ධ ජනතාව දිවයින පුරා වෙහෙර විහාරස්ථානවල ආමිස සහ ප්රතිපත්ති පූජාවල නිරත වනවා.










