වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව උමතු ජාතිවාදී සහ ආගම්වාදී ක්රියාමාර්ග දියත් කිරීමට අවස්ථා කිහිපයක දී දරණ ලද ප්රයත්න ව්යර්ථ කිරීමෙන් පසුව ලිංගිකත්වය ඉස්මතු කරමින් ජනතාව නොමග යැවීමේ සංවිධානාත්මක ප්රචාර දියත් කරන පිරිස පිළිබඳව හෙළිවේ.
ඔවුන් අතර මිලින්ද රාජපක්ෂ, ප්රේමනාත් සී දොලවත්ත, රජිත් කීර්ති තෙන්නතෝන් වැන්නන් පෙරමුණ ගෙන සිටින බව මේ වනවිටත් හෙළි වී ඇත. ඔවුන් 2015 පමණ වනවිට සමරිසි අයිතීන් ආරක්ෂා කිරීමට පෙනී සිටිමින් ඒ වෙනුවෙන් නීති කෙටුම්පත් කිරීමට පවා ඉදිරිපත් වී තිබිණි. නමුත් මේ අවස්ථාවේ දී අග්රාමාත්ය හරිනි අමරසූරිය ඉලක්ක කර ගනිමින් ගෙන යන පිළිකුල් සහගත ප්රචාරවලට නායකත්වය ලබා දෙන්නේ ද මේ පිරිසම බව තහවුරු වී ඇත.
යූටියුබ් නාලිකාවලින් නිදහස් අදහස් පළ කරන විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ ආගමික අන්තවාදය කරළියට ගෙන ඒමේ උපකරණයක් ලෙස මේ මොහොතේ දී අගමැතිවරිය ඉලක්ක කර ගනිමින් පිළිකුල් ප්රචාර ගෙන යමින් සිටින බවයි.










