විශ්වවිද්යාල අනධ්යයන කාර්යමණ්ඩලවල පවතින ගැටළු සම්බන්ධයෙන් ඊයේ (03) දිනයේ විශ්වවිද්යාල ප්රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා සමගද පැවති සාකච්ඡාද අසාර්ථක වූ බැවින් සිය වෘත්තීය සමිති ක්රියාමාර්ගය අද දිනයේද 09වන දිනටත් අඛණ්ඩව ක්රියාත්මක බව එම සේවකයෝ පවසති.
සිය ඉල්ලීම් මුල් කරගනිමින් විශ්වවිද්යාල අනධ්යයන කාර්යමණ්ඩලය මෙම වැඩවර්ජණය ක්රියාත්මක කරණු ලබුවේ පසුගිය 27 වන දින සිටය.
විශ්වවිද්යාල ප්රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා විසින් වර්ජනය අත්හරින ලෙස ඉල්ලා සිටියද ගැටළුවලට විසඳුමක් ඔහු ළඟ නොතිබුණු බැවින් එය ක්රියාත්මක කළ නොහැකි බවද එම වෘත්තීයසමිතිය ප්රකාශ කරයි.









