ඊජිප්තුවෙන් ධර්ම දේශනාවලට තහංචියක් !

සිය දේශනා පැවැත්වීමේ දී ගුණධර්ම හා විශ්වාසයන් යන කරුණු වලට පමණක් සීමා විය යුතු බව පවසමින් ඊජිප්තු රජය විසින් ඉස්ලාම් ධර්ම දේශකයින් සඳහා තහංචියක් පනවා ඇති බව වාර්තා කර වෙනවා.

ඊජිප්තුව මෙම තහංචිය පිළිබඳ නිවේදනය නිකුත් කර ඇත්තේ ශුද්ධ වූ රාමසාන් උපවාස සමයේ පළමු දින වන අතර ඊජිප්තු රජය මීට කලින්ද ආණ්ඩුවේ අනුමැතියකින් තොරව දේවස්ථාන හා පොදු ස්ථානවල ආගම ඉගැන්වීම තහනම් කර තිබෙනවා.

“ධර්මය දේශනා කළ යුත්තේ මිනිසුන් බෙදා වෙන් කිරීමට නොව බෙදී සිටින මිනිසුන් එකමුතු කිරීමටයි” ඊජිප්තු ආගමික උරුමයන් පිළිබඳ අමාත්‍යවරයා පවසනවා.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්