රට තුළ පවතින දැවැන්ත ඉන්ධන අර්බුදය හමුවේ ඌව වෙල්ලස්ස විශ්වවිද්යාලයේ භෞතික අධ්යයන කටයුතු අද (29) සිට නැවත දැනුම්දෙන තෙක් නතර කිරීමට තීරණය කළ බව එම විශ්වවිද්යාලයේ උපකුලපති මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර පවසයි.
“පවතින මේ අර්බුදය නිසා, විශේෂයෙන්ම මේ පෙට්රල් අර්බුදය සැලකිල්ලට ගෙන ඌව වෙල්ලස්ස විශ්වවිද්යාලයේ සියලුම පීඨවල භෟතිකව විශ්වවිද්යාල භූමිය තුළ කෙරෙන අධ්යන කටයුතු තාවකාලිකව නතර කිරීමට තීරණය කළා. නමුත් දැනට කෙරෙන විදිහට දිගටම මාර්ග ගත අධ්යන කටයුතු ඒ විදිහට කරගෙන යනවා. ඉන්ධන අර්බුදය තමයි මෙතන දී ප්රධාන කොට සලකන්නේ. ඉන්ධන අර්බුදය සමතයකට පත්වුණ හැටියෙම හැකි ඉක්මනින් විශ්වවිද්යාල භූමියට ළමුන් කැඳවන්න බලාපොරොත්තු වෙනවා. කෙසේ වුණත් අවසන් වසරේ සිසුන්ගේ පර්යේෂණ කටයුතු දිගටම පවත්වාගෙන යනවා.” යැයි ඔහු මේ සම්බන්ධයෙන් ප්රතිචාර දක්වමින් පැවසීය.










