වර්තමාන ආණ්ඩුව බිහිවීමේ පදනම වූ පළාත් පාලන ආයතනවල මන්ත්රීරුන් දැඩි අපේක්ෂා භංගත්වයට පත්වී ජනාධිපතිවරයා ආණ්ඩුව විවේචනය කිරීමට සහ පොහොට්ටු පක්ෂයේ මන්ත්රී ධුරවලින් ඉල්ලා අස්වීම ආරම්භ වී තිබේ.
කලකිරීමෙන් ඉල්ලා අස්වීම ආරම්භ වී තිබෙන්නේ අත්තනගල්ල ප්රාදේශීය සභාව නියෝජනය කළ පල්ලේතුත්තිරිපිටියේ පියදස්සි හිමිගෙන්ය. මෙම මන්ත්රී භික්ෂූන් වහන්නේ මෙයට පෙර ප්රාදේශීය සභා රැස්වීමකදී ආණ්ඩුව විවේචනය කරමින් කතා කර තිබිණි. පසුව සභාවාර කිහිපයක් නිහඬතාවයක සිටීමෙන් පසු පසුගිය සතියේ සිය ඉල්ලා අස්වීම සිදුකර ඇත.
මෙම භික්ෂූන් වහන්නේ 2018 පෙබරවාරි මස පැවති පළාත් පාලන මැතිවරණයෙන් එම ප්රාදේශීය සභාව සඳහා වැඩිම මනාප ප්රතිශතයක් ලබාගෙන තේරීපත්වී සිටියහ. එසේම පොහොට්ටු පක්ෂය ගොඩනැගීමේ ආරම්භයේ සිට විශාල කාර්යභාර්යයක් සිදු කළ හිමිනමක්ද වේ.










