අත්අඩංගුවේ පසුවන පාතාල කල්ලි නායක මාකඳුරේ මධූෂ් සමඟ ගනුදෙනු කළ දේශපාලනඥයන් හත් දෙනෙකු නම් හෙළිදරව් කර ඇතැයි සෞඛ්ය අමාත්ය රාජිත සේනාරත්න මහතා පවසයි.
ඒ මහතා මේ බව පවසා ඇත්තේ ඊයේ(29) ජන හමුවකට සහභාගීව සිටියදීය.
හෙලිකර ඇති නම් අතර ආණ්ඩු පක්ෂයේ දේශපාලනඥයන්ගේ නම් 4ක් ද විපක්ෂයේ දේශපාලනඥයන්ගේ නම් 3ක් ද පවතින බව අමාත්යවරයා පවසා සිටියේය.
විපක්ෂයේ එක් අයෙක් විමල් වීරවංශගේ ගෝලයෙකු බව ද අමාත්යවරයා සඳහන් කළේය.










