අපේ අරගලය දරුවන් වෙනුවෙන් – ධර්මප්‍රිය ඩයස්

අපේ අරගලය දරුවන් වෙනුවෙන් – ධර්මප්‍රිය ඩයස්

මෙරට නිදහස් අධ්‍යාපනය පෞද්ගලීකරණයටත්, මිලිටරිකරණයට ලක්කරන කොතලාවල පනතටත්, ආණ්ඩුවේ ජනතා විරෝධී ක්‍රියාමාර්ගවලට එරෙහිවගනු ලබන විරෝධතා මර්දනය කිරීමත්, වස 23ක් තිස්සේ නොවිසඳී ඇති ගුරු ගැටළුවලට විසඳුම් ලබා දෙන ලෙසත් ඉල්ලා රට පුරා ගුරුවර ගුරුවරියන් මේ වනවිට ආරම්භ කර ඇති විරෝධතාවයන් සම්බන්ධයෙන් රංගන ශිල්පියෙකු, නාට්‍යවේදියෙකු මෙන්ම පාසල් සිසු සිසුවියන් උදෙසා අධ්‍යාපනය ලබා දෙන ගුරුවරයෙකුද වන ධර්මපිය ඩයස් විසින් සිය ෆේස්බුක් ගිණුමේ පල කර තිබූ සටහක් පහතින් පල වේ…

“මදක් නතරව කියවන්න… හුවමාරු කරන්න

ගුරුවරුන්……

ලියන්න පොත් ටික
කන්න කෑම ටික.
Data card එක..දරුවන් ට දුන්නට බිල් දැම්මේ නෑ..

දරුවො අසනීප උනාම..තමන්ගේ වාහනවලින් රෝහල් ගානෙ ගිහින් ගමන් වියදම් බිල් දැම්මෙ නෑ..
ඉස්කෝලෙ නාවම ගෙවල් වලට ගිහිල්ලා..
දවස් ගණන් කෝල් කරලා.
බිල් දැම්මේ නෑ….
(කුඩේටත් බිල් දාපු සමාජ සේවකයන් ඉන්න රටක)

දිවා රෑ නොබලා අමතර පංති කරලා විභාග ගොඩ දැම්මට… OT ඉල්ලුවෙ නෑ..

Km ගනන් බස් වලින්.. යතුරු පැදියෙන්..
වාහනවලින්.. ගිහිල්ල
ගමන් වියදම් ඉල්ලුවෙ නෑ….

අදින්න
නිල ඇඳුම් දීමනා ඉල්ලුවෙ නෑ…

අපි…. හැමදාම… ඉල්ලුවා.. සටන් කරා..
අපේ.. නිදහස් අධ්‍යාපනය වෙනුවෙන්…
නිදහස් අධ්‍යාපනයෙන් ගිය
සමහර මහත්තුරු නෝනලා ට
ඒක වැඩක් නැති උනාට…

Signal නැතිව ගස් නගින රටක..
කඳු මුදුන් වල කූඩාරම් ගහගෙන
Online class කරන දරුවො ඉන්න රටක..
හැමදෙයින්ම තැලෙන පොඩිවෙන
දුප්පත් දරුවන් ට….

කන්නන්ගර ශ්‍රීමතානන්
බොහොම අමාරුවෙන් දිනා දුන්න..
නිදහස් අධ්‍යාපනය විශ්වයක් තරම්….

අපි දරුවන්ට ආදරෙයි…
අපේ අරගලය ඒ ආදරය වෙනුවෙන්..
මේ තීරනාත්මක මොහොතේ online class
වර්ජනය කරන්නේ…
උපන් නූපන් හැම දරුවෙකුගේ ම
නිදහස් අධ්‍යාපනය වෙනුවෙන්…

පාලකයන් සුරංගනා කතා කියාවි..
පාලකයන් ගේ හිතවත් ගුරුවරුන් නිලධාරීන් ලමුන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වීම ගැන
කඳුළු සලාවි…
රැවටෙන්න එපා…

ආදරණීය ගුරුවරුනි.. නිලධාරීනි …
දෙමාපියනි….. මිතුරනි….
එක්වන්න… අපි අභියෝගයට එකාවන්ව
මුහුණ දෙමු….

දේශපාලනය පසුව කරමු….
ආදරණීය මිනිසුන් ලෙස…. උපනූපන්
අපේම පරපුරට යුතුකම ඉටු කරමු..”

“නිදහස් අධ්‍යාපනය දිනවීම වූ කලී ඉතාමත් අපහසු සටනක් වූයෙන් එය රැකගැනීම ඔබලාට භාරය.” – C.W.W කන්නන්ගර

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්