ප්රසිද්ධ රගර් ක්රීඩක වසීම් තාජුඩීන් ඝාතනයේ කරුණු වසන් කිරීම, විමර්ශන යටගැසීම, අපරාධ සැඟවීම, සාක්ෂි විනාශ කිරීම, තාජුඩීන් මරා දැමීමට කුමන්ත්රණය කිරීම යන චෝදනා මත මේවනවිට රිමාන්ඩ් බන්ධනාගාරයේ පසුවන විශ්රාමික ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති අනුර සේනානායක මහතා, කොළඹ ප්රදේශය භාර ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පතිවරයාව සිටියදී තවත් මිනීමැරුමක තොරතුරු වසන් කිරීමට බලපෑම් කළ ආකාරය ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකු විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත හෙළිකර තිබේ.
බම්බලපිටිය ප්රදේශයේ ජීවත් වූ ද්රවිඩ පවුලක සහෝදරයන් දෙදෙනෙකු අතර ඇතිවූ ආරවුලකදී එක් සහෝදරයෙකු විසින් අනෙක් සහෝදරයා කොන්ත්රාත්කරුවන් ලවා ඝාතනය කොට ඇති අතර ඊට අවශ්ය පොලිස් ආරක්ෂාව ලබා දුන්නේ අනුර සේනානායක මහතා විසින් බව ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා පාපොච්චාරණය කර ඇත.
එකී මිනීමැරුම සම්බන්ධව විමර්ශන බාරව සිට ඇති අදාල ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ, එම ඝාතනය සම්බන්ධ විමර්ශනවලදී අනුර සේනානායක මහතා තමන්ට අනිසි බලපෑම් කළ බවය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වනවිට ඒ පිළිබඳවද පරීක්ෂණ ආරම්භ කොට ඇත.
මිර්ර්









