අද රටේ ජනතාවට දවස තිස්සේ හම්බ කරන මුදල් වියදම් කිරීමට අවස්ථාවක් නොමැති බවත් රත්රී 09 වන තුරු විවෘතව තබන බාර් රාත්රී 10ය වනතුරු විවෘතව තැබිය යුතු බවත් ගංජා නීතිගත කළ යුතු බවත් ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්රීනි ඩයනා ගමගේ යෝජනා කරයි.
මන්ත්රීවරිය මේ බව පැවසූවේ අද (20) පාර්ලිමේන්තුවේදී රටේ ආර්ථිකය සම්බන්ධයෙන් අදහස් දක්වමිණි.
එහිදී ඇය මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් දැක්වූ අදහස්,
“රාත්රී ආර්ථීකය නැමැති සංකල්පය අප රටට අවශ්යයි. ශ්රී ලංකාවේ යනු සංචාරක පාරාදීසයක්. අද රෙස්ට්ටුරන්ට් එකක මත් පැන් විකුණන එක තියෙන්නේ රෑ 11 වෙනකන් විතරයි. බාර් එකක්, වයින්ස්ටෝස් ඇරල තියෙන්නේ උදේ 09 ඉඳලා රෑ 09.00 වෙනකන් විතරයි. උදේ 09.00 කවුරුත් මත්පැන් ගන්න එන්නේ නැහැ. ඒ නිසා මම යෝජනා කරනවා උදේ 10.00 සිටි රාත්රී 10.00 දක්වා ඇරල තියන්න ලයිසන් එක දියයුතුයි කියලා. අද රටේ ජනතාවට දවස තිස්සේ හම්බ කරන මුදල් වියදම් කිරීමට අවස්ථාවක් නැහැ. ඒ නිසා රාත්රී ආර්ථිකය නැමැති සංකල්පය හඳුන්වාදිය යුතුයි. මේවා රට ගොඩ දාගන්න පුලුවන් ක්රම බව කිව යුතුයි”










