ශිරාන් බාසික්ගේ දේපල ගැන තවත් තොරතුරු රැසක අනාවරණයක්…

ශිරාන් බාසික්ගේ දේපල ගැන තවත් තොරතුරු රැසක අනාවරණයක්…

ඩුබායි සිටියදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙනවිත් මේ වනවිට රැඳවුම්භාරයේ සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වූ ශිරාන් බාසික් නැමැත්තාගේ මෙරට පිහිටි දේපළ රැසක් සම්බන්ධයෙන්ද පසුගිය දිනවල හෙළි වී තිබූ අතර මේ වනවිට ස්විට්සර්ලන්තය, ඉතාලිය හා ප්‍රංශය යන රටවල හෝටල්, වාහන ඇතුළු දේපල රැසක් තිබෙන බවට තොරතුරු අනාවරණය වී තිබේ.

ඒම තොරතුරු අනාවරණය වී ඇත්තේ පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදීය.

ශිරාන් බාසික් නැමැත්තා අදාළ රටවල සංචාරය කරමින් එම ව්‍යාපාර කටයුතු මෙහෙයවා ඇති බවද, පොලිසිය සඳහන් කරයි.

මීට අමතරව සැකකරුට ඩුබායි හි රුපියල් කෝටි එකහාමාරකට අධික වටිනාකමින් යුත් ජිප් රථයක් ඇති බවද ප්‍රශ්න කිරීම්වලදී හෙළිව ඇත.

මෙරට ඔහු සතුව ඇති දේපළ අතර කොළඹ මුහුදු මාවතේ පිහිටි හෝටල් කිහිපයක් හා බොරලැස්ගමුව ප්‍රදේශයේ දුරකථන අලෙවි සැල් ඇතුළු දේපළද වන බව මේ වනවිට අනාවරණය වී තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්