මැදමූලනේ හුරතලුන් තවදුරටත් හිරවේ

මැදමූලනේ හුරතලුන් තවදුරටත් හිරවේ

මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව, සංවිධානාත්මක අපරාධ දියත් කිරීමට දේශපාලන රැකවරණ ලබා දුන් ප්‍රමුඛයෙකු ලෙස හිටපු ඇමති මර්වින් සිල්වා පිළිබඳව කරුණු රැසක් හෙළි වී තිබිණි.

එසේ හෙළි වූ නීතිය හමුවේ තහවුරු කළ හැකි රජයේ ඉඩම් කොල්ලයක් පිළිබඳව අධි චෝදනා පත්‍ර ගම්පහ මහාධිකරණය හමුවේ නීතිපතිවරයා විසින් ඊයේ (15) ගොනු කරන ලදී. කිරිබත්ගොඩ නගරයේ පිහිටා තිබෙන රජයේ ඉඩමකට කූට ලේඛන සකසා විකිණීමට තැත් කිරීම සම්බන්ධයෙන් මර්වින් සිල්වා ඇතුළු 06 දෙනෙකුට එරෙහිව අධි චෝදනා ගොනු කර ඇත.

චෝදනා එල්ල වී සිටින අනෙකුත් පිරිස වන්නේ හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න රණවීර, නවීන් වීරකෝන්, මිල්රෝයි පෙරේරා, ජයන්ත කබ්‍රාල් සහ සරත් එදිරිසිංහ යන පුද්ගලයන් ය. මේ පිළිබඳව පූර්ව නඩු විභාගය ඉක්මනින් ආරම්භ කිරීමට පියවර ගන්නා ලෙස මහාධිකරණ විනිසුරුවරිය උපදෙස් ලබා දී ඇත. සැප්තැම්බර් 01 දින නැවත එම නඩුව කැඳවීමට දින ලබා දී තිබේ.

Facebook
Twitter
LinkedIn