දූෂණ හේතුවෙන් අත්අඩංගුවට පත් ග්රිසියේ හිටපු ආරකෂක අමාත්ය අකිස් ට්සොචපොලොස්ගේ ඇතැන්ස්හි පිහිි අති සුඛෝපභෝගි නිවාස දූෂණයේ සංකේතයක් ලෙස සංචාරකයන්ගේ ආකර්ෂණය දිනා ඇති බව වාර්තා වේ.
1996-2001 කාලයේ ග්රීසීයේ ආරකෂක ඇමති වු ඔහු රුසියාවෙන් මිසයිල් නාශක පද්ධතියක් හා ජර්මන් සබ්මැරීන මිලට ගැනීමේදී යුරෝ මිලියන ගණනක් වංචාවන් සිදු කර ඇති බව පසුව හෙළිදරව් විය. මෙම වංචාවලින් උපයා ගත් මුදලින් ඔහු හා ඔහුගේ පවුලේ සමාජිකයන් ඇතැන්ස්හි වටිනා ඉඩම් හා නිවාස මිලට ගෙන ගෙන තිබු බව පරිකෂණවලදි අනාවර්ණය විය.
පසුගිය අප්රේල් මාසයේදි ඔහු අත්අඩංගුවට පත් වූ අතර ඔහු නියෝජනය කළ අගමැති පැවැන්ඩ්රියෝ PASOK පක්ෂයට මැයි 06 පැවැති මැතිවරණයෙන් අන්ත පරාජයක් හිමි විය. ආර්ථීක අර්බුදයෙන් බැටකෑ ග්රීක ජනතාව විශ්වාස කරන්නේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 170 කට වැඩි රාජ්ය ණය බරෙහි විශාල කොටසක් මෙවැනි දූෂිත ගනුදෙනු හේතුවෙන් තමන් පිට පැටවුණු ඒවා බවය.









