මර්වින් සිල්වා අමාත්යවරයාට එරෙහිව විනය පරීක්ෂණ පවත්වන බව පසුගිය කාලයේ වාර්තා පළ වුවද එවැනි විනය පරීක්ෂණයක් අවශ්ය නොවන බව ශ්රී ලංකා නිදහස් පක්ෂයේ මධ්යම කාරක සභාව විසින් පසුගිය 28 වැනිදා තීරණය කර ඇත.
අරලිය ගහ මන්දිරයේ දි පක්ෂ නායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් රැස් වූ මධ්යම කාරක සභාව විසින් මෙම තීරණය ගෙන ඇත. ජිනිවා මානව හිමිකම් කමිටු රැස්වීම පැවැති දිනවල මාධ්යවේදීන්ගේ අඬු කඩන බවට ඔහු විසින් ප්රකාශයක් කර තිබූ අතර ඊට එරෙහිව විනය ක්රියාමාර්ග ගන්නා බවට ආණ්ඩුව එම අවස්ථාවේ ප්රකාශ කර තිබිණි.









