සුමින්ද සිරිසේන දැඩි සත්කාර ඒකකට

ප‍‍්‍රවීණ රංගන ශිල්පී සුමින්ද සිරිසේන මහතා හදිසියේ රෝගාතුරවීම හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ මේවන විට ප‍‍්‍රතිකාර ලබමින් සිටී.

සිරිසේන මහතාට වැළඳී තිබෙන රෝගය වෛද්‍යවරුන්ට මෙතෙක් සොයා ගැනීමට නොහැකිවී ඇතැයි ද පැවසේ.

ඔහුට ඉක්මන් සුවය පතා සහෝදර කලාකරුවන් විසින් එළඹෙන 14 වැනි බ‍‍්‍රහස්පතින්දා සවස 6.00 ට බෙල්ලන්විල රජමහා විහාරයේදී බෝධිපූජා පිංකමක් පැවැත්වීමට කටයුතු යොදා ඇතිබවත් සුමින්ද සිරිසේනයන්ට ආදරය කරන ඔහුගේ සහෘද රසික ජනතාවටද මේ සඳහා සහභාගි වන ලෙසත් සංවිධායකයෝ ආරාධනා කරති.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්