ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයින් ගණන 1,620 දක්වා ඉහළට

ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයින් ගණන 1,620 දක්වා ඉහළට

ශ්‍රී ලංකාවේ කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 1,620ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ ඊයේ (30) දිනයේ හමුවී තිබූ ආසාදිතයින් 62දෙනාද සමග ය.

කොරෝනා ආසාදිතයන් 829දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින අතර ආසාදිත පුද්ගලයන් 781 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.

රෝගීන් 10 දෙනෙකු මේ වනවිට වෛරසය ආසාදනය වීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති අතර වෛරසය ආසාදනය වී නැතත් ආසාදිත ලක්ෂණ පෙන්නුම් කරන තවත් රෝගීන් 55 දෙනෙකු රෝහල්වල වෛද්‍ය අධීක්ෂණය යටතේ පසු වෙති.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්