තොණ්ඩමන්ගේ ආදාහනය කොරෝනා මර්දන නීතිවලට අනුවයි – සෞඛ්‍ය අමාත්‍යාංශය

තොණ්ඩමන්ගේ ආදාහනය කොරෝනා මර්දන නීතිවලට අනුවයි – සෞඛ්‍ය අමාත්‍යාංශය

ලංකා කම්කරු කොංග්‍රසයේ නායක, අභාවප්‍රාප්ත ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු කොරෝනා මර්දනය සඳහා රජය විසින් පනවන ලද නීතිරීතිවලට අනුව සිදුකරන්නැයි  දැනුම් දී ඇතැයි වාර්තා වේ.

තොණ්ඩමන් මහතාගේ අවසන් කටයුතු රාජ්‍ය අනුග්‍රහය ඇතිව අද (31) පස්වරුවේ කොටගල, නෝර්වුඩ් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර ඒ සඳහා සීමිත පිරිසක් සහභාගී කරවා ගන්නැයි ද සෞඛ්‍ය අමාත්‍යාංශය දන්වා තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය මේ බව ‍තොණ්ඩමන් මහතාගේ පවුලේ සාමාජිකයින්ට සහ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරයාටද ඒ බව දන්වා යවා ඇතැයි වාර්තා වේ.

තොණ්ඩමන් මහතාගේ අවසන් කටයුතු සිදුකෙරෙන නෝර්වුඩ් ක්‍රීඩාංගණයට විශාල පිරිසක් සහභාගී කරවාගැනීමට යන බවට ලැබී ඇති ආරංචි හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය මෙම දැනුම්දීම සිදු කර ඇත.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්