ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් මේ වන විට සැලකිය යුතු ලෙස අඩු වී ඇත.
මේ අනුව බ්රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල පෙරේදා (06) සවස් වන විට ඇමෙරිකානු ඩොලර් 99.29 දක්වා ද පසුගිය (05) වනදා වන විට ඔපෙක් වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 96.19 දක්වාද අඩුවී තිබේ.
ඉකුත් මාර්තු මාසයේදී බොර තෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 126 ද ඉක්මවා ගොස් තිබුණි.









