ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළට

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් මේ වන විට සැලකිය යුතු ලෙස අඩු වී ඇත.

මේ අනුව බ්‍රෙන්ට්‌ වර්ගයේ බොරතෙල් බැරලයක මිල පෙරේදා (06) සවස්‌ වන විට ඇමෙරිකානු ඩොලර් 99.29 දක්‌වා ද පසුගිය (05) වනදා වන විට ඔපෙක්‌ වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 96.19 දක්‌වාද අඩුවී තිබේ.

ඉකුත් මාර්තු මාසයේදී බොර තෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 126 ද ඉක්‌මවා ගොස්‌ තිබුණි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්