“දඹුල්ල ප්රදේශයේ තරුණයෙක් මත්ද්රව්යවලට ඇබ්බැහි වී අම්මා, තාත්තා දෙන්නාම ඝාතනය කළා. පාසල් යන දරුවන් දෙස සැකයෙන් බලන තත්වයට මත්ද්රව්ය ජාවාරම ව්යාප්තවී තිබුණා. ඒ ව්යසනය හඳුනාගෙන රටම එකට ජාතික මෙහෙයුම ක්රියාත්මක කරන්න පටන් ගෙන ඔක්තෝබර් 31ට අවුරුද්දක් සම්පූර්ණ වෙනවා. කලින් ආණ්ඩුවල ආරක්ෂක අංශය, බන්ධනාගාරය වගේ සමහර ආයතනවල දේශපාලන රැකවරණය ලබමින් මත්ද්රව්ය ජාවාරමට සම්බන්ධ වී සිටියා. නමුත් දැන් මත්ද්රව්ය ජාවාරමට සහ පාතාලයට දේශපාලන අනුග්රහය නැති රටක් ගොඩනගා තිබෙනවා. ඔබ පත්කර ගත්තේ එවැනි ආණ්ඩුවක්. ඒ ගැන අපි හැමෝටම බොහොම අභිමානයෙන් කතා කරන්න පුළුවන්.” යැයි කුරුණෑල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී නීතිඥ ගීතා හේරත් අවධාරණය කරයි.
ඇය මේ බව අවධාරණය කළේ සුගිය 11 වනදා ජනාධිපති අනුර දිසානායකගේ ප්රධානත්වයෙන් නිකවැරටියේදී පැවති, “අපේ ආණ්ඩුව – වසර දෙකයි – රටට සුබයි” ජන රැලිය අමතිමිණි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සිවිල් සමාජ ක්රියාකාරී එන්.එම් ඉක්රම්,
“දයාබර අමේමේ, තාත්තේ, ඔබේ හදවතට තට්ටුකර බලන්න, අපේ ආණ්ඩුව ගෙවී ගිය අවුරුදු දෙක තුළ, අපි කාටත් සතුටු විය හැකි කොපමණ දේවල් ඉටුකර තිබෙනවාද කියලා. අපේ වටිනාම වස්තුව වන, දරුවන් සම්බන්ධයෙන් මීට අවුරුදු දෙක තුනකට ඉස්සර කොපමණ බියක් තිබුණාද? ලොකු අවිනිෂ්චිතතාවයක් තිබුණාද? දරුවන්ගේ අධ්යාපනය, සෞඛ්යය, පෝෂණය, වගේම විෂ මත්ද්රව්ය සහ අපරාධ රැලිවලින් බේරා ගැනීම ගැන බයක් තිබුණේ. තවත් සමහර දරුවන්, රට අත්හැර යන්න තීරණය කර තිබුණා. නමුත් ගෙවුණු වසර දෙක තුළ අලුත් බලාපොරොත්තුවක් එක්ක අභිමානයෙන් යුතුව ඉදිරියට යමින් සිටිනවා නේද? මේ කරුණු ගැන ඔබේ හදවතට තට්ටු කර බලන්න.
ජාතික ජන බලවේගය වෙනුවෙන් ඔබ තෝරා යැවූ මන්ත්රීවරුන් 159 අතරින් කාන්තාවන් 20ක් ඉන්නවා. ඒ බොහෝ දෙනෙක් නීතිඥවරියන්. ආර්ථික අර්බුදයේදී වැඩිපුරම බැට කෑ කාන්තාවන් විදිහට අද වැඩිපුරම සතුටු වෙන්නේ කාන්තාවන්.
දඹුල්ල ප්රදේශයේ තරුණයෙක් මත්ද්රව්යවලට ඇබ්බැහි වී අම්මා, තාත්තා දෙන්නාම ඝාතනය කළා. පාසල් යන දරුවන් දෙස සැකයෙන් බලන තත්වයට මත්ද්රව්ය ජාවාරම ව්යාප්තවී තිබුණා. ඒ ව්යසනය හඳුනාගෙන රටම එකට ජාතික මෙහෙයුම ක්රියාත්මක කරන්න පටන් ගෙන ඔක්තෝබර් 31ට අවුරුද්දක් සම්පූර්ණ වෙනවා. කලින් ආණ්ඩුවල ආරක්ෂක අංශය, බන්ධනාගාරය වගේ සමහර ආයතනවල දේශපාලන රැකවරණය ලබමින් මත්ද්රව්ය ජාවාරමට සම්බන්ධ වී සිටියා. නමුත් දැන් මත්ද්රව්ය ජාවාරමට සහ පාතාලයට දේශපාලන අනුග්රහය නැති රටක් ගොඩනගා තිබෙනවා. ඔබ පත්කර ගත්තේ එවැනි ආණ්ඩුවක්. ඒ ගැන අපි හැමෝටම බොහොම අභිමානයෙන් කතා කරන්න පුළුවන්.
ජනාධිපතිවරයාගේ සිට ප්රාදේශීය සභා මන්ත්රීවරයා දක්වා මහජන මුදල් අවභාවිතා නොකරන දේශපාලන සංස්කෘතියකුත් හඳුන්වා දී තිබෙනවා. අවුරුදු දෙකකට පෙර ජනතාවට දුන් පොරොන්දු එකින් එක ඉටුකරමින් අධිකරණයේ ස්වාධීනත්වය තහවුරු කර, නීතියේ ආධිපත්යය සුරකිමින් ජනතාවගේ නඩු විසඳීම වේගවත් කරන ක්රියාමාර්ග දියත් කර තිබෙනවා. මෙතනින් ඉදිරියට තවත් වේගයෙන් ජනතා අපේක්ෂාවන් ඉටුකරමින් ඉදිරියට යන බව යළිත් තහවුරු කරනවා. අනේක විධ දුක්විඳීමෙන් අනතුරුව ආදරණීය අම්මා, තාත්තා ඇතුළු සියලු දෙනා එක්වී ගොඩනඟා ගත් ආණ්ඩුව ගැන සතුටු වෙන්න පුළුවන්.
ඉතිරි කාලය තුළ අපේ රට ලෝකයේ ශක්තිමත්ම රාජ්යක් බවට ගොඩනැගීමේ දිසාවට ගෙන යන බව තහවුරු කරනවා.”











































