ඡන්දපොළේ කලබල කළොත් වෙඩි තැබීමට අවසරදෙයි

ඡන්දපොළේ කලබල කළොත් වෙඩි තැබීමට අවසරදෙයි

ඡන්ද මධ්‍යස්ථානවලදී කලබල ඇති කර ඡන්දයට බාධා කරන සහ මැතිවරණ කටයුතු කඩාකප්පල් කරන පුද්ගලයන්ට සහ මැර කණ්ඩායම් පාලනයට වෙඩි තැබීමට පොලිසියට බලයදී ඇතැයි මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කරයි.

එසේම එවැනි කලබල කරන පිරිස් වහාම අත්අඩංගුවට ගැනීමටද මැතිවරණ කොමිසම පොලිසියට උපදෙස් දී ඇත.

ජනාධිපතිවරණ ඡන්ද විමසීම ලබන 21 වැනිදා පැවැත්වේ.

ජනාධිපතිවරණයේදී ඡන්දය පාවිච්චි කිරීමට සුදුසුකම් ලබා සිටින ඡන්ද දායකයන් සංඛ්‍යාව එක් කෝටි හැත්තෑ ලක්ෂයකි (17,000,000).

මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය පාවිච්චි කිරීමට ඡන්ද දායකයන් ලක්ෂ 10ක පමණ පිරිසක් අලුතින් එකතු වී සිටී.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්