ශ්රී ලංකා කණ්ඩායම හා ඕස්ට්රේලියා කණ්ඩායම අතර තරග 5කින් සමන්විත එක්දින තරගාවලිය 3-1ක් ලෙස ජයග්රහණය කිරීමට අද (31) ඕස්ට්රේලියානු කණ්ඩායම සමත් විය.
දඹුල්ලේදී අද පැවැති සිව්වන එක්දින තරගය කඩුලු 6කින් ජයග්රහණය කිරීමට ඕස්ට්රේලියානුවන් සමත් වූ අතර ලකුණු 213ක ඉලක්කයක් හඹා ගිය ඕස්ට්රේලියානුවන් පන්දුවාර 31කදී කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 217ක් ලබා ගනිමින් ජයග්රහණය හිමිකර ගැනීමට සමත් විය.
ඔස්ට්රේලියානු ආරම්භක පිතිකරු ඒ. ෆින්ච් පන්දු 19දී ලකුණු 55ක් ලබාගනිමින් වේගවත් ආරම්භයක් ලබා ගත් අතර ජොජ් බේලි නොදැවී පන්දු 85කදී ලකුණු 90 ක් ලබා ගැනීමට සමත් විය. ඔහුගේ ඉනිමට හතරේ පහර 11ක් හා එක් හයේ පහරක් ඇතුළත් විය. ශ්රී ලංකා පන්දු යවන්නන්ට රිසි සේ ප්රහාර එල්ල කරමින් ලකුණු රැස්කිරීමට ඕස්ට්රේලියානු පිතිකරුවන් සමත් වූ අතර සාර්ථක වූ එකම පන්දු යවන්නා වූයේ ටී.එම්. ඩිල්ෂාන් වෙනුවට කණ්ඩායමට එක්වූ සචිත් පතිරණ පමණි. ඔහු පන්දුවාර 8කදී ලකුණු 37කට කඩුලු 3ක් බිඳ හෙළීමට සමත් විය. ඊට අමතරව ඔහු පන්දුවට පහර දීමේදී ලකුණු 24ක් ලබා ගැනීමට සමත් විය.









