මාලඹේ පෞද්ගලික වෛද්ය විද්යාලය අහෝසි කරන ලෙසට ඉල්ලා අද (31) පැවැති සරසවි සිසු විරෝධතාවයට කොල්ලුපිටිය මංසන්ධිය ආසන්නයේදී පොලිසිය කඳුළු ගෑස් ප්රහාරයක් එල්ල කර තිබේ.
අද දහවල් ශ්රී ජයවර්ධනපුර විශ්වවිද්යාලය අසලින් ඇරඹි සිසු විරෝධතාවයට අන්තර විශ්වවිද්යාලීය ශිෂ්ය බලමණ්ඩලය, අන්තර විශ්වවිද්යාලීය භික්ෂු බලමණ්ඩලය, වෛද්ය පීඨ ශිෂ්ය ක්රියාකාරී කමිටුව එක්ව සිටි අතර සිසුන් හයිලෙවල් මාර්ගය ඔස්සේ තුම්මුල්ල මංසන්ධියට පැමිණ එතැන් සිට ජනාධිපති මන්ධිරය දෙසට ගමන් කිරීමට උත්සාහ කිරීමේදී පොලීසිය කඳුළු ගෑස් හා ජල ප්රහාරයක් එල්ල කර තිබේ. 












