ඇමති මහින්දානන්ද වී කිලෝවකින් රු.2ක් කොමිස් ගත් කළමනාකරු අල්ලා ගනී

ඇමති මහින්දානන්ද වී කිලෝවකින් රු.2ක් කොමිස් ගත් කළමනාකරු අල්ලා ගනී

වී ගබඩාවල තිබූ වී තොග හිස්කිරීම සඳහා කුඩා මෝල් හිමියන්ට වී විකිණීමේදී කොමිස් වශයෙන් වී කිලෝවකින් රු. 2 බැගින් ලබාගත් වී අලෙවි මණ්ඩලයේ උතුර කාර්‍යාලයේ ප්‍රාදේශීය කළමනාකාරවරයා අත්අඩංගුවට පත්වී තිබෙනවා.

කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ පැමිණිල්ලක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බවයි ඇමැතිවරයා සඳහන් කරන්නේ.

රටේ ඇති වූ සහල් හිඟයට හේතුව මෙවැනි කොමිස් ලබා ගන්නා නිලධාරීන් බව ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්