කාලි පැණිය පරීක්ෂා කරන්නේ රජරට විශ්වවිද්‍යාලය නොවේ

කාලි පැණිය පරීක්ෂා කරන්නේ රජරට විශ්වවිද්‍යාලය නොවේ

ධම්මික බණ්ඩාර ගේ “කාලි පැණිය” පරීක්ෂා කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි විසින් පත් කළ විශේෂඥ කමිටුවට එම පරීක්ෂණය සඳහා අවසරය ලැබී තිබෙනවා.මේ පර්යේෂණය සඳහා තෝරාගෙන ඇත්තේ රජරට ප්‍රදේශයේ රෝහල් දෙකක් බැවින් ඒ සඳහා අනුමැතිය ලබා දිය යුතු වන්නේ රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආචාර ධර්ම සමාලෝචන කමිටුව විසිනි. පසුගියදා රැස්වූ එම සමාලෝචන කමිටුව කොන්දේසි රාශියකට යටත්ව “කාලි පැණිය” පරීක්ෂා කිරීම සඳහා අනුමැතිය ලබාදී තිබේ. එය පර්යේෂණ සඳහා අනුමැතියක් විනා කිසිසේත්ම පැණිය භාවිතය සඳහා අවසර ලබාදීමක් නොවන බව කමිටුව අවධාරණය කර සිටී.

මේ ක්‍රියාදාමය පිළිබඳව නිවේදනයක් නිකුත් කරන රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය විශේෂයෙන් සඳහන් කර සිටින්නේ “කාලි පැණිය” පිළිබඳ පර්යේෂණ සිදු කරන්නේ එම වෛද්‍ය පීඨය විසින් නොවන බවයි.

කලක් රජරට විශ්ව විද්‍යාලයේ ආචාර්යවරයෙකු ව සිටි දැන් ඖෂධ රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මීට කලින් ප්‍රකාශ කළේ “කාලි පැණිය” පරීක්ෂාව රජරට වෛද්‍ය පීඨයේ සිදුකරන බවත්, එම වාර්තාව සති දෙකකින් ලැබුණු පසු පැණිය භාවිතා කළ හැකි බවත්ය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්