එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මෙවර නාමයෝජනා ලබා දී සිටින දූෂිතයින්ට සහ වංචනිකයින් පිළිබඳව එම සන්ධානය තුළින්ම විවේචන මතු වීමට පටන් ගෙන තිබේ.
මධ්යම පළාත් මහ ඇමති සරත් ඒකනායක මහතා ප්රකාශ කරන්නේ මාර්ග ඉදිකිරීම ඇතුළු ව්යාපෘතිවලින් ගසාකෑම් සහ හොරකම් කළ අයට නාම යෝජනා ලබා දී ඇතත් තමන්ට නාම යෝජනා ලබා නොදුන් බවය.
කෑගල්ල දිස්ත්රික් මන්ත්රී ලලිත් දිසානායක ප්රකාශ කර සිටින්නේද ජාවාරම්කරුවන්ට නාම යෝජනා ලබා දී තමන් ඇතුළු පිරිසකට එරෙහිව යොදවා ඇති බවය. ඔහු මෙම චෝදනාව විශේෂයෙන්ම ඉදිරිපත් කරන්නෙ සබරගමුව මහ ඇමති මහීපාල හේරත්ගේ ආරක්ෂක රථයෙන් ගංජා ප්රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගැනීමෙන් පසුවය. මහීපාල හේරත්ගේ පුතෙකු වන කනක හේරත් මෙවර කෑගල්ල දිස්ත්රික්කයෙන් ලලිත් දිසානායක සමග නාමයෝජනා ලබා දී තිබේ.
එක්සත් ජනතා නිදහස් සන්ධානය තුළ දූෂිතයන් වැඩි පිරිසකට නාම යෝජනා ලබා දී ඇති අතර ඔවුන්ගේ ක්රියාකාරකම් නිසා මෛත්රී පිලේ සහ ස්වාධීනව සිටින සාපේක්ෂ වශයෙන් විනයක් සහිත අපේක්ෂකයන් හට බරපතල ගැටලු මතු වී තිබේ. මේ නිසා නාමයෝජනා ලබා දී තිබෙන කණ්ඩායම් අතර ඒ ඒ දිස්ත්රික්කවල අභ්යන්තර ගැටුම් වර්ධනය වෙමින් පවතී.









