හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මිද්දෙණිය රජමහා විහාරස්ථානයේදී ඊයේ (15) ප්රකාශ කර තිබුණේ බලයෙන් මත්වූ විට කිසි දෙයක් නොපෙනෙන බවය. එසේම ඔහු ප්රකාශ කළේ තමන්ගේ ප්රතිවාදියාව විනාශ කිරීමට කටයුතු කරමින් සිටින යුගයක් වත්මන් ආණ්ඩුව නිර්මාණය කර ඇති බවයි. වැඩි දුරටත් ඔහු සඳහන් කරන්නේ අවංකව සේවය කරන රාජ්ය නිලධාරීන් හට දඬුවම් කරමින් සිටින බවය.
මීලග මහ මැතිවරණය ඉලක්ක කර ගනිමින් විහාරස්ථාන මූලික කරගෙන ප්රචාරක කටයුතු කරගෙන යන හිටපු ජනාධිපතිවරයා කර තිබෙන මෙම ප්රකාශය සම්පූර්ණයෙන්ම ඔහුගේ පාලන සමයට අදාළ තත්වය නිරූපණය කරන්නක් බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති. මෙයට පෙර අවස්ථාවකදී හිටපු ජනාධිපතිවරයා ප්රකාශ කර තිබුණේ ඔහුගේ අමාත්ය මණ්ඩලයේ සිටි මැරකම්, බලුකම් කළ පිරිස් ආරක්ෂා කළ බවය. ඒ සඳහා නීතියට බලපෑම් කළ බවද ඔහු ප්රකාශ කර තිබිණි.
එම ප්රකාශය පිළිබඳව සමාජයේ දැඩි කතාබහක් ඇති වීම නිසා දැන් ඔහු තමන්ගේ පාපොච්චාරණ කතාවන් වෙනස් කර මහජන අනුකම්පාව දිනා ගැනීමට ක්රියා කරමින් සිටින බව මෙයින් පැහැදිලි වේ.









