Video: ශ්‍රීලනිපය දෙකඩයි – චන්ද්‍රිකා

මේ වනවිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ වී ඇති බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අද (30) මහනුවර ප්‍රදේශයේ පැවැති රැස්වීකදී ප්‍රකාශ කර තිබේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නැවත වරක් පාර්ලිමේන්තුව තුළ බලය ලබා ගැනීම වෙනුවෙන් ශ්‍රිලනිපයේ මන්ත්‍රීවරුන් පිරිසක් මෙහෙයවමින් සිටින බවත් මීට පෙර අවස්ථා දෙකකදීද ශ්‍රිලනිපය දුර්වල කිරීමට මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කළ බවත් එහිදී හිටපු ජනාධිපතිතුමිය වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

පසුගියදා මහින්ද රාජපක්ෂ පිල නියෝජනය කරනු ලබන ශ්‍රිලනිප මන්ත්‍රීවරුන් හා සන්ධානයේ අනාථ වී සිටින දේශපාලන පක්ෂ කිහිපයක පිරිසක් හරහා එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී තමාට ශ්‍රිලනිපයේ අගමැති අපේක්ෂකත්වය ලබා දෙන ලෙසට ඉල්ලීමක් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරනු ලැබුවත් එය දැඩි ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රතික්ෂේප කර තිබේ. ඉන් පසු රාජපක්ෂ පිලේ තීරණය වී තිබෙන්නේ එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයට ශ්‍රිලනිපයෙන් පලුවක් ගලවාගෙන වෙනත් පෙරමුණකින් ජනතාව ප්‍රතික්ෂේප කරනු ලැබූ රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ ඉදිරිපත් වීමටය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්