එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා ලේකම් ධූරය සඳහා කීර්තිමත් ශ්රී ලාංකිකයකු වන ආචාර්ය ජයන්ත ධනපාල මහතා පත්වීමට තිබූ අවස්ථාව මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ බලපෑමෙන් අහිමි කර ඇති බව අනාවරණය වේ. මහින්ද රාජපක්ෂ සමග සමීප සබඳතා පවත්වන දකුණු කොරියානු ව්යාපාරිකයකුගේ අවශ්යතාවය අනුව මහින්ද රාජපක්ෂ මෙම ක්රියාමාර්ගය ගෙන ඇති බව දකුණු කොරියානු මාධ්ය වාර්තා කර තිබේ.
අන්තර් ජාතික රාජ්යතාන්ත්රික කටයුතුවලදී රටට ඉතාමත් අවාසිදායක වන ආකාරයේ තානාපති සේවයක් පවත්වාගෙන ගිය මහින්ද රාජපක්ෂ ශ්රී ලංකාවට හිමි වීමට තිබූ මුළු ලෝකයම පිළිගන්නා එක්සත් ජාතීන්ගේ මහා ලේකම් තනතුර අහිමි කිරීමට තරම් ද්රෝහී වී ඇති බව මෙම අනාවරණයත් සමග තහවුරු වේ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේදී ශ්රී ලංකාවට එරෙහිව ගෙන එන යෝජනා පරාජය කිරීමේ හැකියාව සහිත රාජ්යතාන්ත්රික මෙහෙයුමක් ක්රියාත්මක නොකළ බව මෙයට පෙර තහවුරු වී තිබිණ.
දැන් හෙළි වන්නේ ශ්රී ලංකාවට හිමි වීමට තිබූ ස්වර්ණමය අවස්ථාවක් මහින්ද රාජපක්ෂ පවුල් පාලනයේ දේශද්රෝහී භාවිතය නිසා අහිමි වී ගොස් ඇති බවය.









