Video: අර්ජුන් මහේන්ද්‍රන්ට එරෙහිව සිංගප්පූරුවේ නඩු දැමීමට සූදානම් – වසන්ත සමරසිංහ

කුප්‍රකට මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවට සම්බන්ධවී සිදු කරනු ලැබූ මූල්‍ය වංචාවට එරෙහිව මහ බැංකුවේ අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාට එරෙහිව සිංගප්පූරු මහාධිකරණයේ නඩු දැමීමට දූෂණ විරෝධී හඬ ඉදිරියේදී කටයුතු කරන බව එම සංවිධානයේ කැඳවුම්කරු පළාත් සභා මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා ප්‍රකාශ කරයි.

අර්ජුන් මහේන්ද්‍රන් මහතා සිංගප්පූරු පුරවැසියකු ලෙස හිදිමින් මහ බැංකු අධිපතිවරයා ලෙස කටයුතු කරමින් බැදුම්කර වංචාව සිදු කර ඇති බවත් එය සිංගප්පූරු නීතියට අනුව බරපතල වරදක් බැවින් ඔහුට එරෙහිව සිංගප්පූරු ආගමන විගමන දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීමටත් මේ පිළිබඳ පරීක්ෂණ පවත්වා සිංගප්පූරු පුරවැසියකු මෙරට මහාපරිමාණ මූල්‍ය වංචාවකට සම්බන්ධ වීම සම්බන්ධයෙන් කටයුතු කරන ලෙස ඉල්ලීමට මේ දිනවල දූෂණ විරෝධී හඬ සංවිධානයේ නීතිඥ කණ්ඩායම තොරතුරු සොයා බලමින් සිටින බව වසන්ත සමරසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්