එක්සත් ජාතික පක්ෂ ක්රියාකාරිකයින්ගේ හමුවක් ඊයේ (05) අම්පාරේදී පැවැති අවස්ථාවේදී බරපතල තත්වයක් මතු වී තිබේ. එයට හේතු වී ඇත්තේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ දෑත් ශක්තිමත් කිරීමට යැයි පවසමින් එක්සත් ජාතික පක්ෂය හැරදමා ගිය පී. දයාරත්න මන්ත්රීවරයා සභාව ඇමතීමයි.
ඔහුගේ කතාවේදී සභාවේ සිටි පිරිසකට ” මොඩයින් ” යැයි නිගරු කිරීම නිසා මෙම බරපතල තත්වය ඇති වී තිබේ. එහෙත් පසුව හෙළි වී ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක දයා ගමගේ සහ රනිල් වික්රමසිංහ යන මහත්වරුන්ගේ අනු දැනුම මත පී. දයාරත්න මන්ත්රීවරයා මෙම අවස්ථාවට සහභාගී කරවා ගැනීමය.
එහෙත් එක්සත් ජාතික පාක්ෂිකයන් මෙම ක්රියාදාමය අනුමත නොකරමින් එජාපය හැර ගිය පිරිස් නැවත එකතු කර ගැනීමට විරෝධය පළ කර ඇත. ඒ අවස්ථාවේදී නායක රනිල් වික්රමසිංහ ප්රකාශ කර ඇත්තේ එජාපයේ ඡන්ද ප්රමාණය ඉහළ දමා ගැනීමට නම් මෙම පිරිස් නැවත එකතුකර ගත යුතු බවය.









