ද්විතීක අධයාපන අමාත්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් සපිරිපාසල් යැයි සංකල්පයක් හඳුන්වා දීමෙන් පසු දිවයින පුරා පිහිටි පාසල්වල අර්බුද ගණනාවක් නිර්මාණය වී තිබේ.
බෙහෝ පාසල්වල දෙමව්පියෝ සහ ශිෂ්ය ශිෂ්යාවෝ තම පාසල සපිරිපාසල් සංකල්පය යටතේ ද්විතීක පාසලක් බවට පත්කිරීමට එරෙහිව විරෝධතාවලද නියැලුනහ.
තම සංකල්පය තහවුරු කිරීමට බන්දුල ගුණවර්ධන අමාත්යවරාය මහත් උත්සාහයක යෙදෙන අතර දෙමව්පියන් පවසන්නේ මෙම සංකල්පයට අනුව ප්රාථමික පාසල් තම නිවෙස් අසල පාසලෙන් බොහෝ දුරකට ගෙන යන බවයි. බොහෝ විට සමහර පාසල්වලට අවුරුදු 5ත් 10ත් අතරේ පසුවන තම දරුවන් රැගෙන කිලෝමීටර් ගණන් දුර ගමන් කළ යුතු බවත් ඒ සඳහා ප්රවාහන පහසුකම් පවා නොමැති බවත් දෙමව්පියෝ පවසති.
මෙහි බරපතළ කාරණය වන්නේ රටේ පාසල් 300කට අධික ප්රමාණයක් වැසී යාමයි. මේ වනවිටත් දින 6කට එක් පාසල බැගින් වැසෙමින් තිබේ.
බන්දුල ගුණවර්ධන අමාත්යවරයාගේ සංකල්පය නිසා දෙමව්පියන් හා එකම පාසලේ සිසු සිසුවියන් දෙපිල බෙදී ගහමරාගන්නා තත්වයට පත්වීමේ සිදුවීමක් ඊයේ (30) වාර්තාවිය.
නැගෙනහිර පළාතේ ලාහුගල පාසලේ මෙම තත්වය දකින්නට ලැබුනු අතර එය පහත වීඩියෝවෙන් දැක ගත හැකිය.
ආශ්රිත පුවත්









