video: චීනය සෙළවෙයි

ඊයේ (03) සවස 4.30ට පමණ චීනයේ නිරිතදිග යුනාන් පළාතේ සිදුවූ රිච්ටර් මාපක 6.5ක ප්‍රබලත්වයකින් යුක්ත භූමිකම්පාව හේතුවෙන් මියගිය පුද්ගලයින් සිරුරු 367 ක් මේ වනවිට සොයාගැනීමට හැකි වී තිබෙන බව චීනයේ ෂිංහුවා ප්‍රවෘත්ති වාර්තා කරයි.

යුනාන් ප්‍රාන්තයේ කුන්මින් අගනුවරට කිලෝමිටර 225 ක් දුරින් මෙම භූමිකම්පාවේ අපි කේන්ද්‍රයේ පිහිටි බව වාර්තා වේ. භු කම්පනයෙන් පුද්ගලයින් 2000 කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති අතර 180 කට අධික පිරිසක් අතුරුදහන්ව ඇති බව පැවසේ. චීන සහන සේවකයින් හා මහජන රතු හමුදාව එක්ව සුන්බුන් අතර සිරවී සිටින්නන් මුදාගැනීමට මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බව පැවසේ. මෙම අනතුරින් වැඩිම පිරිසක් මියගොස් ඇත්තේ සාවෝටොන් නගරයේ බව වාර්තා වේ.

වසර 14 කට පසු මෙම ප්‍ර දේශයේ සිදු වූ භූමිකම්පාව හේතුවෙන් නිවාස 12,000 කට පමණ දැඩි අලාභහානි සිදු වී ඇත. අවතැන්වූවන් හා තුවාල ලැබූවන් වෙනුවෙන් චීන මහජන රතු හමුදාව කඩිනමින් අවශ්‍ය ප්‍රතිකාර සිදුකරන බව ෂිංහුවා ප්‍රවෘත්ති සේවාව සඳහන් කර සිටී.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්