SYU දෙමළ බසින්

සමාජවාදී තරුණ සංගමයේ නිල සගරාව වන ”SYU” දෙමළ බසින් ද ප්‍රකාශයට පත්කර ඇත. මෙම සගරාව හදුන්වාදීම වවුනියාවේදී සිදුකෙරින. එම අවස්ථාවට සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක බිමල් රත්නායක, එම සංගමයේ ජාතික කමිටු සමාජික මෙන්ම සංගරාවේ සංස්කාරක මණ්ඩයේ මුරුගන් මෝගන්, සංස්කාරක මණ්ඩලයේ බාස්කරන් සහ රියාස් යන මහත්වරුන්ද සහභාගී වූහ.

මෙම අවස්ථාව නිමිති කරගනිමින් වවුනියාව පුලිස් බල්මොල්ර් (Pulley’s Balmoral) හෝටලයේදී මාධ්‍ය සාකච්ඡාවක්ද පැවැත්වීය. මෙහිදී අදස් දැක්වූ සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක බිමල් රත්නායක මහතා මෙය ඓතිහාසික අවස්ථාවක් බව සදහන් කළේය. මාක්ස් ලෙනින් වාදී දේශපාලනය සම්බන්දයෙන් කාලීන සහ න්‍යායාත්මක තොරතුරු කැටිකොට දෙමළ භාශාවෙන් සගරාවක් එලි දැක්වීම ඉතා ඵලදායී ආරම්භයක් බව සදහන්කළේය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්