සමාජවාදී ශිෂ්ය සංගමයේ 04 වන ජාතික සම්මේලනය අද (11) දින කොළඹ නව නගර ශාලාවේදී පැවැත්විණි. එහිදී ශිෂ්ය සංගමයේ නව ජාතික සංවිධායකයා වශයෙන් ජනතා විමුක්ති පෙරමුණේ මධ්යම කාරක සභික නලින්ද ජයතිස්ස මහතා සාමාජිකයින්ගේ ඒකඡන්දයෙන් තේරී පත්විය. ඊට අමතරව සමාජවාදී ශිෂ්ය සංගමය සදහා 13 දෙනෙකුගෙන් යුත් නව ජාතික කමිටුවක්ද තේරී පත්විය.
එම ජාතික කමිටුව ගමකන්දේ සෝභිත හිමි, රංගන ලක්මාල්, සුමින්ද සුදේශ්, දසුන් උදාර, එම්. ජෙගශීලන්, ඉමල්ෂා රෝෂනී, ධනුෂ්ක මුතුකුමාරණ, ඉන්දික ප්රසාද්, රාජරත්නම් නිරන්ජන්, ප්රභාෂණ රත්නායක, බුද්ධිකා හේෂානී, අමිල නුවන්, ප්රසාද් තුසිත කුමාර යන අයගෙන් සමන්විත වේ.
මෙම අවස්ථාවට ප්රධාන ආරාධිතයා ලෙස ජනතා විමුක්ති පෙරමුණේ ප්රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සහභාගී වූ අතර සමුළුවේ ආරාධිත දේශනය පැවැත්වීය. සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක බිමල් රත්නායක මහතා ලංකා ගුරුසේවා සංගමයේ ප්රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා ද සහභාගී විය.
මෙම ජාතික සමුළුව සදහා ලෝක ප්රජාතන්ත්රවාදී තරුණ සම්මේලනය ඇතුලු වියට්නාමය, රුසියාව, වෙනිසියුලාව, ජර්මනිය, යුගෝස්ලාවියාව, ලෙබනනය, කැමරොන්, එරිත්රියාව, පකිස්ථානය, ඉන්දියාව වැනි රටවල ශිෂ්ය සහ තරුණ සංගම් විසින් සුභ පැතුම් එක් කර තිබුණි. මෙහිදී ‘1976 නොවැම්බර්, ශිෂ්ය සටන් ව්යාපාරයේ ඓතිහාසික වැදගත්කම‘ නමින් සමාජවාදී ශිෂ්ය සංගමය මගින් සම්පාදනය කළ පොතක් එළිදැක්වීමද සිදුවිය.























