බියගම හෝටල හිමිකරුගේ සැබෑ ඝාතකයා වසන් කිරීම සඳහා බොරු සාක්කි නිර්මාණය කිරීමේ චෝදානා මත අපරාධ පරීක්ෂණ දෙපාර්ත මේන්තුව විසින් අත්අඩංගුවට ගත් යාපනය ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරී වීරසිංහ පතිරණලාගේ විමලසේන සහ ඇල්පිටිය කොට්ඨාසයේ පොලිස් පරීක්ෂක ආනන්ද රාජකරුණා යන අය පූගොඩ මහේස්ත්රාත් ඉන්දිකා කාලිංගවංශ මහත්මිය විසින් මාර්තු 11 වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ.
එහි සැබෑ ඝාතකයා වසන් කිරීම සඳහා බොරු සාක්කි නිර්මාණය කිරීමට වෙනත් තරුණයකුගේ නිවස ආසන්නයේ පුපුරණ ද්රව්ය වලදමා ඇතැයි ද, එම තරුණයා අපරාධකරුවකු බව පෙන්වීම සඳහා මියගිය හෝටල හිමිකරුගේ පුත්රයාට එම පොලිස් අධිකාරීවරයා විසින් එම පුපුරණ ද්රව්ය දී ඇති බව අනාවරණය වී ඇතැයිද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා තිබේ.
ඝාතනය සම්බන්ධයෙන් මුලින් අත්අඩංගුවට ගත් සැකකරුවකු මෙම සිද්ධියට සම්බන්ධ බව පෙන්වීම සඳහා අධිකරණයට ඉදිරිපත් කළ ක්ලේමෝ බෝම්බය හා අත්බෝම්බ දෙක මඩකලපුවේ STF කඳවුරක තිබූ ඒවා බවත් ඒකාලයේ එම කඳවුරේ පොලිස් අධිකාරීවරයකු ලෙස ඔහු ක්රියා කර ඇති බවත් රහස් පොලිසිය අධිකරණයට දන්වා ඇත.
පීඩාකාරී ආයුධ පනත යටතේ ඔවුනට චෝදනා ගොනු කරන බවද රහස් පොලිසිය අධිකරණයට දන්වා තිබේ.









