Sri Lanka Mirror ප්‍රධාන කර්තෘ ඇතුළු 09ක් අත්අඩංගුවට

(ඡායාරූප සංස්කරණය) Sri Lanka Mirror වෙබ් අඩවිය පවත්වාගෙන ගිය පිටකෝට්ටේ, මහින්දාරාම පාරේ පිහිටි කාර්යාලය අද රහස් පොලිසිය විසින් පරික්ෂාකර ඇති අතර එම කාර්යාලයේ පරිගණක සියල්ලද සීල්තබා ඇති බව වාර්තා වේ. එහි පුධාන කර්තෘ කැළුම් ශිවන්ත මහතා ඇතුළු සේවක සේවිකාවන්ගෙන් 09දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයිද වාර්තා වේ.

මේ අතර Sri Lanka X News වෙබ් අඩවියේ උපදේශක ලෙස කටයුතු කරන රුවන් ෆර්ඩිනැන්ඩස් මහතාගේ නිවසටද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් ගොස් ඇතැයි වාර්තා වේ.

එහි ගිය එම නිලධාරීන් තමන්ට නිවස පරීක්ෂා කිරීමට අවශ්‍ය බව පවසා තිබේ.ඔවුන් යන අවස්ථාවේ නිවසේ සිට ඇත්තේ ෆර්ඩිනැන්ඩස් මහතාගේ බිරිඳ පමණි.

අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඡායාරෑප



Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්