වෛද්‍ය සිසුන් සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිටට

(දෙවන සංස්කරණය) මාලඹේ SAITEM ආයතනය අහෝසි කරන ලෙසට ආණ්ඩුවට බල කරමින් අද (13) වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව ආරම්භ කළ විරෝධතා උද්ඝෝෂණය මේ වනවිට යූනියන් පෙදෙසෙ පිහිටි සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිටට රැස්ව තිබේ.

මාලඹේ පෞද්ගලික විශ්වවිද්‍යාලය අහෝසි කිරීම ඇතුලූ ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමිනුයි ඔවුන් අද (13) දහවල් කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය ඉදිරිපිටින් මෙම විරෝධතාව ආරම්භ කළේ. අනතුරුව ඔවුන් මරදාන, කොළඹ – කොටුව පසු කරමින් පැමිණි පා ගමන ලේක්හවුස් වටරවුම, කොම්පඤ්ඤවීදිය හරහා  සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ළඟාවුණා.

රටපුරා පිහිටි වෛද්‍යවිද්‍යාලවල සිසුන් විශාල පිරිසක් මෙම විරෝධතාවයට එක්වී සිටින බව පැවසේ. වෛද්‍ය සිසුන්ගේ විරෝධතා පා ගමන කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය ආසන්නයට පැමිණීම වළක්වමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද පස්වරුවේ තහනම් නියෝගයක් ද පනවා තිබේ.

කොළඹදී පැවැත්වෙන මෙම විරෝධතාවට සහයෝගය පළකරමින් යාපනය සරසවියේ වෛද්‍ය පීඨ සිසුන්ද අද විරෝධතාවයක් පවත්වා තිබේ. medical-student-protest-vii.jpg - 102.13 Kbmedical--student-protest-i.jpg - 177.91 Kbmedical--student-protest-ii.jpg - 112.05 Kbmedical--student-protest-vi.jpg - 112.08 Kb

යාපනය සරසවියේ වෛද්‍යපීඨයේ සිසුන් විරෝධතාවයේ medical--student-protest-iv.jpg - 76.01 Kbmedical--student-protest-v.jpg - 72.52 Kb

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්