පාපන්දු සම්මේලනයට අයත් බැද්දගාන ප්රදේශයේ පිහිටි පාපන්දු ක්රීඩාංගනයට යාබද ඉඩමේ පදිංචිව සිටි පවුල් 33ක පිරිසක් අධිකරණ නියෝගයක් මගින් ඉවත් කර තිබේ.
ඔවුන්ට වාසභූමියක් ලබා නොදී අනාථ භාවයට ඇදවැටීම නිසා ඔවුන් සිරිකොත එජාප පක්ෂ මූලස්ථානය ඉදිරිපිට විරෝධාතවයක නිරතව ඇති අතර සිරිකොත නිලධාරියෙකු පවසා ඇත්තේ තමන්ට ඒ සම්බන්ධයෙන් කළ හැකි දෙයක් නොමැති බැවින් ජනාධිපතිවරයා හමු වී සාක්ඡා කරන ලෙසය.
මේ දිනවල පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඉදිරිපත්ව සිටින “කැක්කුමක්” නිසා දේශපාලනය කරන එජාපයේ ප්රබල අමාත්යවරයෙකු හමු වී එම ජනතාව මේ සම්බන්ධයෙන් පවසා තිබේ. ඔහු පවසා ඇත්තේ අදාළ ඉඩම පුද්ගලික ඉඩමක් වන නිසාත් එම පවුල් 33 අනවසරයෙන් පදිංචිව සිටි නිසාත් තමන්ය කිසිවක් කළ නොහැකි බවයි.
පසුව මෙම ජනතාව පිටකෝට්ටේ එපිටමුල්ල මෙටලිස් වත්ත ප්රදේශයේ පදිංචිය ගොස් ඇත. එහෙත් ශ්රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව මිරිහාන පොලිසිය සමග පැමිණ ඔවුන් එම ස්ථානයෙන්ද ඉවත් කර තිබේ.
පිටකෝට්ටේ එපිටමුල්ල මෙටලිස් වත්තේ මේ වනවිටත් පවුල් 30ක පමණ පිරිසක් පදිංචිව සිටින නමුත් මෙම පවුල් 33ට එම ස්ථානයද අහිමි කර තිබේ.









