සමාජවාදී තරුණ සංගමයේ පොස්ටර් අලවමින් සිටි එම සංගමයේ ක්රියාකාරීන් දෙදෙනෙකුට අද අලුයම සුදුවෑන් රථයකින් පැමිණි පිරිසක් විසින් පහර දීම නිසා ශ්රී ජයවර්ධන පුර රෝහලට අතුලත්කර ඇත.
“යුද්ධය නිමා වී වසර තුනයි – දේශපාලන සිරකරුවන් වහා නිදහස් කරනු” යන පොස්ටරය සහ “යුද්ධය නිමා වී වසර තුනයි උතුරේ සිවිල් පාලනය ස්ථාපිත කරනු” යන පෝස්ටර් සිංහල සහ දෙමළ භාෂාවෙන් මුද්රණය කර තිබින. පහරදීම් කර ඇත්තේ මෙම පෝස්ටර් අලවන අවස්ථාවේදීය.










