ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 19 සංශෝධන කෙටුම්පත සම්ත කර ගැනීම සඳහා සියළු ජනතා නියෝජිතයන්ට බල කිරීමේ අරමුණෙන් “19 සම්මත කිරීමට බාධා කරන කුමන්ත්රණ පරදවමු!” යනුවෙන් අද (24) පස්වරු 4.00ට කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී උද්ඝෝෂණ ව්යාපාරයක් ආරම්භ කිරීමට ජනතා විමුක්ති පෙරමුණ කටයුතු සංවිධානය කර ඇත.
මේ බව එම පක්ෂය ඊයේ (23) පෙරවරුවේ පැවැත්වූ මාධ්ය හමුවකදීද අනාවරණය කර සිටි අතර මෙම උද්ඝෝෂණ ව්යාරයට අමතරව ජන හමු, සම්මන්ත්රණ සහ ගෘහස්ථ සාකච්ඡා ආදිය රටපුරා පැවැත්වීමට කටුයුතු කර ඇතැයිද එහිදී අනාවරණය විය.
19වන ව්යවස්ථා සංශෝධන කෙටුම්පත සම්මත කරගැනී බාධා කරන කමන්ත්රණ පරදවුම් යනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ පෝස්ටර් ව්යාපාරයක්ද ආරම්භ කර තිබේ.











