ආර්ථික සංවර්ධන අමාත්යවරයා විසින් ඊයේ (09) අඟහරුවාදා දින පාර්ලිමේන්තුවට ගෙන එන ලද දිවි නැගුම පනත් කෙටුම්පත දෙවන වරටත් අභියෝගයට ලක් කරමින් අද (10) සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ සංගමය විසින් ශේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොනුකර තිබේ.
ආණ්ඩුක්රම ව්යවස්ථාවටත් පටහැනිව හිතුවක්කාරී ලෙස පසු ගිය අගෝස්තු 24 දින ආර්ථික සංවර්ධන අමාත්ය බැසිල් රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමට තැත්කළ දිවි නැගුම පනත ශේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් තීන්දුවෙන් වැලකුන බව සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ සංගමයේ ප්රධාන ලේකම් චාමර මද්දුමකලුගේ මහතා අප වෙත පැවසීය.
එහිදී දිවයිනේ සියලුම පළාත් සභාවල අනුමැතිය මෙම පනතට ලබා ගත යුතු බව අධිකරණ නියෝගයේ සඳහන්වූ බවත් එසේ තිබියදී උතුරු පළාත් සභාවේ අනුමැතිය වෙනුවට ආණ්ඩුකාරවරයාගේ කැමැත්ත ලබාදීම කොතරම් දුරට නීතියට අනුකූලද යන්න විමසීම සඳහාත් සේවකයින් සතු සේවක අර්ථසාධක අරමුදල් ආණ්ඩුව විසින් කොල්ලකෑමට එරෙහිවත් අද දින නැවතත් දිවි නැගුම පනත අභියෝගයට ලක් කර ශේෂ්ඨාධිකරණය වෙත මෙසේ පෙත්සමක් භාරදුබවත් චාමර මහතා පැවසීය.
එමෙන්ම සමෘද්ධිලාභීන්ගේ සමෘද්ධි බැංකු සතු රුපියල් මිලියන 55,000 මුදල් ඇමතිවරයා හට අපහරණය කිරීමට හැකි වන පරිදි ඇතුළත්කර ඇති අදාළ වගන්ති අහෝසි කරන ලෙසත් අද ඉදිරිපත්කළ පෙත්සමෙන් ඉල්ලා ඇත.
මෙම පෙත්සම ඉදිරිපත්කිරීම සඳහා ජ්යෙෂ්ඨ නීතීඥ ජේ. සී. වැලි අමුණ, නීතීඥ සාන්ත ජයසූරිය, නීතීඥ සුනිල් වටගල සහ නීතීඥ ජානක අධිකාරී යන මහත්වරුන් මෙම පෙත්සම වෙනුවෙන් පෙනීසිටී.
ආශ්රිත පුවත්
දිවිනැගුම පනත පාර්ලිමේන්තුවට ගෙනඑයි
දිවිනැගුම පනත හදිසියේම පාර්ලිමේන්තුවට
දිවි නැඟුම පනතට තවත් වාරණයක් ඉල්ලයි
දිවිනැගුම පනතින් සේවක සහ ප්රතිලාභී අයිතිවාසිකම් කප්පාදු වෙනවා – චාමර
පනත පාර්ලිමේන්තුවෙන් ඉවත් කිරීම සමස්ත සමෘද්ධි සේවකයින්ගේම ජයග්රහණයක් – චාමර මද්දුමකලුගේ
නීතිවීරෝධී පනත හකුළා සැබෑ විශ්රාම වැටුපක් සකසනු – චාමර මද්දුමකළුගේ
සමෘද්ධි නිලධාරීන් නොමගයැවීමට ආණ්ඩුව සමෘද්ධියේ මුදල් වියදම් කරනවා – චාමර මද්දුමකළුගේ
දිවිනැගුම තීන්දුව අධිකරණයෙන් ජනපතිට









