ජවිපෙ “අපේ දැක්ම” ආගමික නායකයින්ට පිළිගන්වයි

පසුගියදා පැවති ජනතා විමුක්ති පෙරමුණේ 07වන ජාතික සමුළුවේදී සම්මතකර ගත් ‘අපේ දැක්ම‘ නම් ජවිපෙ පාලන බලයක් යටතේ රට ගෙන යන මග සම්බන්ධ වැඩපිළිවෙල අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැඩ වාසය කරන පූජ්‍ය පක්ෂයට පිළිගැන්වීමට කටයුතු කර ඇත.

ඒ අනුව අටසම්ථානාධිපති උතුරු මධ්‍යම දෙපළාතේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය පල්ලේගම සිරිනාවාස ස්වාමීන් වහන්සේට, මිහින්තලා රාජමහා විහාරාධිපති පූජ්‍ය වලහාහැංගුනවැවේ ධම්මරතන ස්වාමීන් වහන්සේට සහ අනුරාධපුර රදගුරු අතිඋතුම් නෝබට් අන්ද්‍රාදි හිමිපාණන්ට “අපේ දැක්ම” වැඩපිළිවෙල පිළිගැන්වූ අතර එම අවස්ථාවට ජවිපෙ නායක අනුර දිසානායක මහතාට ජ්‍යෙෂ්ඨ නීතීඥ කරුණාරත්න හේර්ත් මහතා ලංකා ගුරුසේවා සංගමයේ අනුරාධපුර දිස්ත්‍රික් සංවිධායක අනුර දිසානායක මහතා ඇතුලු පිරිසක් එම අවස්ථාවට සහභාගී වී තිබේ.


Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්