පී.එස්.ඩී. හෙවත් ජනාධිපති ආරක්ෂක අංශය වහාම ක්රියාත්මකවන පරිදි විසුරුවාහැරෙයි.
ඒ අනුව මෙතෙක් කලක් ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සැපයූ පී.එස්.ඩී. වෙනුවට එස්.ටී.එෆ්. හෙවත් විශේෂ කාර්ය බලකාය අනුයුක්තකර ඇත.
රාජපක්ෂ මහතාගේ පාලන සමයේ ජනාධිපති ආරක්ෂක අංශය සෙබලුන් 3,800න් බලගන්වා තිබුණි.
එසේම රාජපක්ෂ සමයේ සිදුවූ බොහෝ ඝාතන, පැහැරගැනීම් ආදී අපරාධ රාශියකට ජනාධිපති ආරක්ෂක අංශය චෝදනා ලැබීය.
මෙසේ දිගින් දිගට පී.එස්.ඩී. ය චෝදනාවන්ට ලක්වීම හේතුකොටගෙන ඉහත තීන්දුව ගත්බවයි ආරක්ෂක අංශ තොරතුරු වැඩිදුරටත් දක්වා ඇත්තෙ.









