පසුගිය අප්රේල් මස 25 වැනි දින අගුණුකොළපැලැස්ස නගරයේදී පැවැති ශ්රිලනිප රැස්වීමට විශේෂ බලකා සෙබලකු ගිනිඅවියක් රැගෙන පැමිණීමේ සිදුවීමේදී රාජකාරිය නිසි පරිදි ඉටු නොකිරීම හේතුවෙන් ජනාධිපති ආරක්ෂක අංශයේ සහකාර පොලිස් අධිකාරිවරයකුගේ හා එම අංශයේ සැරයන්වරයකුගේ වැඩ තහනමකට ලක් කර තිබේ.
අදාළ හමුදා සෙබලා නාමල් රාජපක්ෂ මන්ත්රීවරයා සමග එම අවස්ථාවට සහභාගී වී ඇති අතර ඔහු පරීක්ෂා කිරීමේදී ගිනිඅවියක් සහිතව සිට තිබේ. පසුව ජනාධිපති ආරක්ෂක ඒකකයේ නිලධාරීන් විසින් ගිනිඅවියත් සමග ඔහුව නිදහස් කිරීම බරපතල ගැටලුවක් වූ අතර පසුව එම සෙබලා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
මේ පිළිබඳව හිටපු ජනාධිපතිවරයා ප්රකාශයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ එම සෙබලා තම ආරක්ෂක අංශයේ සාමාජිකයකු බවත් ඔහු නාමල් රාජපක්ෂ මන්ත්රීවරයාගේ ආරක්ෂාව වෙනුවෙන් පිටත්කර යැවූ බවය.









